Subscribe to our RSS Feeds
Hello, this is a sample text to show how you can display a short information about you and or your blog. You can use this space to display text or image introduction or to display 468 x 60 ads and to maximize your earnings.

සුබ අවසන් ගමන් XP

0 Comments »

දැන් ඉතින් වින්ඩෝස් එක්ස්පී ගෙදර යන්න කල් ලංවෙලා තියෙන්නේ. මම මයි‍ක්‍රෝසොෆ්ට් ආයතන අඩවියේ දැක්කා කවුන්ට්ඩව්න් ටයිමරයක් තියනවා විස්ටා වලටයි විනඩෝස් සෙවන් වලටයි. මම බැලුවා මොකක්ද කියලා.
බැලින්නම් එක්ස් පී ගෙදර යනකං දින ගණින ඇප්ලිකේෂන් එකක්. 2014 අප්‍රේල් මාසේ එක්පී සර්විස් පැක් 3 එකට වෙලද සහය අත් හිටවනවලු. දැනටමත් සර්විස් පැක් 2 එකට වෙලද සහය නවත්තලා තියෙන්නේ
. මේ අව්රුද්දේ ජුලි 12 විස්ටා සර්විස් පැක් 1 එකේ සහයත් නතර කරනවා. එක්ස්පි සර්විස් පැක් 2 ගෙදර ගියේ 2010 ජුලි 13 ඒත් එක්කම වින්ඩෝස් 2000 ගෙදර ගියා. විස්ටා RTM ගෙදර ගියේ අප්‍රේල් 13. 13 ක්‍රිස්තියානි අයට අසුබ අංකයක් මම දන්න විදිහට ඒක හන්දා 13 වැඩියෙන් තොරගෙන තියනවා වගේ පේන්නේ.
වින්ඩෝස් 98 ඉවර වුනේ 2006 ජුලි 11. ගොඩක් දවස් ජුලි වල තියෙන්නේ. කොහොම වුනත් 98 ගෙදර යනකොට ගොඩක් අය දුක් වුනා. මොකද 98 වලට ආදරේ කරන අය ගොඩක් හිටියා. ඒවගේම වෙයි එක්ස්පි නතර කලාමත්. හැබැයි ඉතින් ලංකාවේ අයට නම් චිරාත් කාලයක් එක්පි පාවිච්චි කරන්න පුලුවන් මොකද අපේ‍ අයට අප්ඩේට්ස් වැඩක් නෑනේ. ‍ජෙනුවින් කොපි තිබ්බත් අප්ඩේට්ස් කියන්නේ මල ඇනයක්.(ඒ මම හිතන හැටි). හැබැයි සමහර අප්ඩේට්ස් වටිනවා විස්ටා වලට වින්ඩෝස් සෙවන් ප්ලැට්ෆෝම් ෆීචර් ගේන අප්ඩේට් එක වගේ.
වින්ඩෝස් එක්ස්පී කියන්නේ මම වැඩිම වතාවක් ඉන්ස්ටෝල් කරපු මෙහෙයුම් පද්ධතියයි. මම තාම ඒකේ රෙජිට්‍රි කී එක මතකයි.
RHKG3-8YW4W-4RHJG-83M4Y-7X9GW
මේක තමා මම හිතන්නේ ලංකාවේ තිබුන ප්‍රසිද්ධම රෙජිට්‍රි කී එක. හැබැයි මම හොරට වින්ඩෝස් පාවිච්චි කරන එක නවත්තලා ගොඩක් කල්. වින්ඩෝස් එක්ස්පී ඇත්තටම සරලයි. බග්ස් ගොඩක් අඩුයි. හැබැයි වයිරස් ආවාම ඩෝන්ට් සෙන්ඩ් ගොඩයි. වයිරස්ගොඩයි ප්‍රෝග්‍රෑම් ගොඩයි. වින්ඩෝස් එකස් පී ගැන ගුණ කිව්වෑකි කෝටියක්.
දැන් ඉතින් හැමෝටම වින්ඩෝස් සෙවන් වලට නැත්තම් අලුත්ම උබුන්ටු සංස්කරණයට මාරු‍ වෙන්න කාලේ ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.

6:35 AM

0 Responses to "සුබ අවසන් ගමන් XP"

Post a Comment