Subscribe to our RSS Feeds
Hello, this is a sample text to show how you can display a short information about you and or your blog. You can use this space to display text or image introduction or to display 468 x 60 ads and to maximize your earnings.

Firefox 4 ගැන මම හිතන දේ.!!

0 Comments »
මේ මගේ උපන්දිනේ තියන මාසේ ලියන පලවෙනි බ්ලොග් එක. බින් ලාඩන්වත් ඇමරිකාවෙන් මරලා තියෙන්නේ ම‍ගේ උපන්දිනේ දවසේමයි. කොහොමහරි මම දැන් ටික දවසකට කලින් ෆයර්ෆොක්ස් 4 ඩව්න්ලෝඩ් කරගත්තා.
මම ‍ක්රෝම් ඇත්තටම පාවිච්චි කරන්නේ ගුගල් ප්‍රඩක්ටිස් වලින් වැඩ ගන්න. ඒකියන්නේ ඇනලිටික්ස් ජිමේල් වලට වගේ. කොහොම උනත් මම කියවන ලියන කටයුතු හැම දෙයක්ම කරන්නේ ෆයර්ෆොක්ස් වලින්. ඇත්තටම ෆයර්ෆොක්ස් කියන්නේ මට නම් පුදුමාකාර බ්‍රවිසරයක්. ඉස්සරනම් ෆයර්ෆොක්ස් වලට කොම්පුටර්වල වේගය අඩු වෙනවා.

දැන් ඒ තත්වේ වෙනස් ෆයර්ෆොක්ස් දැන් ක්රෝම් වගේ පෙනුමකින් තමයි අලුතෙන් ඇවිත් තියෙන්නේ. මේ මම ලියන බ්ලොග් එක පලවෙනි නිව්ස් එක කියලා හිතාගෙන නෙමේ ලියන්නේ. මම මේ ලියන්නේ ෆයර්ෆොක්ස් ගැන මට හිතන දේ. 2004 ඉදලා ෆයර්ෆොක්ස් ආපු ගමන නම් ප්‍රසංශනීයයි.
මොකද ක්රෝම් ප්‍රසිද්ධවෙන්න ප්‍රධාන හේතුව ගුගල් එකෙන් ඒක නිකුත් කරපු එක, හැබැයි ඒවගේම ඒක ලයිට් වෙයි‍ට් විමත් එක හේතුවක්. කොහොම වුනත් ගුගල් එකේ හින්ද ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා කියන එක නම් බොරු නෙමේ. ඒවගේම දැන් තියන ඇප් ස්ටෝර් එකේ ගේමුත් නියමයි. මාර වේගයෙන් වැඩ කරනවා.
ක්රෝම් වලට වඩා ඇඩ්රස් බාර් එකේ සර්ච් තරන බොක්ස් එකයි හොම්පේජ් බටන් එකයි තියනවා. ඒක හන්දා පහසුවකුත් තියනවා. හැබැයි දැන් ඉස්සර වගේ නෙමේ ඇඩ්රස් බාර් එකේ ටයිප්කරා‍ම වෙබ් සයිට් එකක් නැත්තම් සර්ච් වෙනවා. කියලා වැඩක් නෑ. හැබැයි අලුතෙන් එක්කහු වුන ගුණාංග ගොඩක් තියනවා. මගේ හිත ගිය එකක් තමා Tab Group කරන එක. ඇත්තටම ඒක නියමයි. මොකද අපිට අපේ ‍සෝෂල් නෙට්වර්කිං වැඩයි, විකිපිඩියා එකේ හොයන දේවලුයි, පත්තර බලන ඒවායි ඔක්කෝම එක ගොඩේ දාගන්න ඕනේ නෑ.
ඒවගේම තමා අපේ අතින් වැරදිලා Tab Group එකක් ක්ලෝස් වුනොත් ඉක්මනට අන්ඩු කරලා ගත්තැකි.
ඒ‍වගේම තීම් භාවිතයත් පුලුල් කරලා. නව තාක්ෂණයන් හැම එකක්ම වගේ හොදින් වැඩ කරනවා HTML5 CSS SVG හැම එකක්ම හොදින් වැඩ කරන්වා. ඇත්තටම දැන් ෆයර්ෆොක්ස් ඉතාම සරල හොද බලවත් බ්‍රව්සරයක්. එකේ කතා දෙකක් නෑ. වෙබ් සයිට් රෙන්ඩරින් වුනත් මාර වේගවත්.
ඇත්තටම මාර විදිහට මගේ හිතට අල්ලා ගියා. හොද බ්‍රවිසරයක් නෙමේ හොදම බ්‍රව්සරය කියලා මට හිතෙනවා.
5:49 AM

0 Responses to "Firefox 4 ගැන මම හිතන දේ.!!"

Post a Comment